Saturday, 31 May 2014

යලි එන්නෙපා!

 

 පාලු වී තිබු දෙනෙත බොඳ වී

 වියැලිලා බොහො කල්ද ගත වී

 සඳත් නැති ඒ අහස ගොලුවී

ගියා වාගෙයි වතත් මැලවී

දුකක් නම් නෑ ගියත් වෙන් වී

යලිත් කිසි දින හමු නොවේවි!

Friday, 16 May 2014

බුදු සමිඳුනේ!


යොමා බුදු නෙත 
දෙසූ දම් රැස 
අදත් සවනත
වැකේනම්....
 
අපිත් අද නැත
නිවන් දැක ඇත 
අසරණයි  හිමියණි 
උතුම්.....
 
දෑත් එක්කොට
තබා නලලත
පසඟ පිහිටා 
වඳින්නම්....
 
සසර මතුවට
යන්ට නිවනට 
ඔබේ දම් මග
සපැමිනෙන්නම්......