Saturday 31 May 2014

යලි එන්නෙපා!

 

 පාලු වී තිබු දෙනෙත බොඳ වී

 වියැලිලා බොහො කල්ද ගත වී

 සඳත් නැති ඒ අහස ගොලුවී

ගියා වාගෙයි වතත් මැලවී

දුකක් නම් නෑ ගියත් වෙන් වී

යලිත් කිසි දින හමු නොවේවි!

Friday 16 May 2014

බුදු සමිඳුනේ!


යොමා බුදු නෙත 
දෙසූ දම් රැස 
අදත් සවනත
වැකේනම්....
 
අපිත් අද නැත
නිවන් දැක ඇත 
අසරණයි  හිමියණි 
උතුම්.....
 
දෑත් එක්කොට
තබා නලලත
පසඟ පිහිටා 
වඳින්නම්....
 
සසර මතුවට
යන්ට නිවනට 
ඔබේ දම් මග
සපැමිනෙන්නම්......

Saturday 26 April 2014

"""""සැබෑ වූ සිහිනයක්!""""""


"මට බදින්න බෑ අම්මේ" ඒ මගෙ මුවින් නිතරම පිට වෙන මන්තරෙයි.
මට කොච්චර යෝජනා ආවත් මං කැමති වෙන්නෙ නෑ. කොච්චර ලස්සන උනත්,කොච්චර උගත් උනත්,කොච්චර පෝසත් උනත් මං කැමති වෙන්නෙ නෑ.මං ඒක මගේ උඩු හිතින් යටි හිතට ඔබා ගත්තෙමි.
"උඹ ඔහොම ඉදල අපි මැරිල ගියාම මොකද කරන්නෙ? මිනිහෙක් එපා උනාට දරුවෙක්වත් ඉන්න ඕනි." අම්ම නෝක්කාඩුවෙන් පවසයි.

මට කියා ගන්න බැරි දුකක් දැනෙන්නෙ ඔවුන් ගැන හිතන විටයි. ඒත් මං මට ආදරේ නොකරන, හුදෙක් මිතුරු කමටවත් මාව ඇසුරු කිරිමට අකමැති ඔහුට ආදරෙ කරමි. කොහොමද ඒ ගැන අම්මලාට පහදන්නෙ?

ඔහු ඇහුවත් නැතත් මම පුරුද්දක් වශයෙන් මගේ දින චර්‍යාවෙ වැදගත් සිද්දි ඔහුට පවසමි.මගේ කෙටි පනිවුඩ වලට ඔහුගෙන් රිප්ලයි නැත. මම බලාපොරොත්තුද නොවෙමි.

"පුතේ, ඔන්න තවත් යෝජනාවක් ආවා.. මේක අපි අදුරන කෙනෙක්ගෙන් නම් නෙමේ. කුරුණෑගල"
හ්ම්ම් ඒ මං ආදරේ කරන පැත්තකි. නම ඇහුනත් ඇති. ඉගිලෙන්න හිතෙනවා. ඇත්තට එයා කොහෙ ඇද්ද. . . මගේ හිත පාවෙලා හීන ලෝකෙකට යයි.

"ඇහුනද මං කියපු දේ?"
අම්මගෙ ගෝරනාඩුව.
"අහුනා අම්මෙ. ඕකටත් ඉතින් කලින් එව්වට දීපු ප්‍රතිචාරෙ තමා" මං කට කොනකින් හිනා වී පැවසුවෙමි.
අම්මා ගස්සාගෙන එලියට ගියාය.

"දුප්පත් උනත්, ඔයාට ආදරෙ කෙනෙක් හොයා ගන්න.ආදරේ නැත්නම් ජීවිතේම විඳවන්න වෙනවා.ඔයාව ජීවත් කරන්න පුලුවන් රස්සවකුයි,දෙයියනේ කියල ඉන්න පුලුවන් ගේකුයි, තිබ්බොත් ඇති"
ඒ මම කසාද බදින්න ඕනි කියන වයසට අඩිය තියපු දා ඉදන් අම්ම කියන කතාවයි.
ඇත්ත. මට ගොඩාක් යෝජනා ආවා. හැම දේම තිබ්බ එයාල ලග. ඒත් අම්ම කිව් පලවෙනි කාරනය හැර.
අවුරුදු ගානක් ඒක පාර්ෂවීයව ආදරෙ කල පවන් ලග නැති ආදරයක්, දවසකින් දෙක්කින් දකින මනුස්සයෙක් ලග කොහෙද? මම හෙමින් කදුලක් පිස දා ගත්තෙමි.
ඒත් මං අම්මලා නිසා ජීවිතේට මූණ දෙනවා. මේ පාර මොකෙක් ආවත් හිත නැති කය ඔහුට දෙනව. . .දීර්ඝ හුස්මක් අරන් නෙතු පියා ගතිමි.
"පුතේ අර මිනිස්සු හෙට එනවා. මේකටවත් කැමති වෙන්න. අම්ම බායාදු ලෙස පවසයි" පපුව හෝස් ගා දාල යනවා. "බලමුකො අම්මේ මං මේ පාර අම්මල කැමති දෙයක් කරන්නම්"
පාන්දරම අම්මගෙ හිත රිද්වන්න බැරි කමින් එලෙස කියා මා කාමරයට වැදුනෙම.
අන්තිම වතාවට මං පවන්ට මැසේජ් එකක් දානවා. වෙවුලන දෑතින් සටහන් කලෙමි.
"පවන්, ඔයා හොදින්ද?මට සමා වෙන්න. මේ ජීවන මං තලේ ඔයා වෙනුවෙන් මං ඉන්නවා කියල පොරොන්දු උනත්. මට ඒක මගේ අසරණ අම්මයි තාත්තයි වෙනුවෙන් කරන්න බෑ පවන්. ඒ ගොල්ලො මං නිසා දුක් විඳිනවා. මට තවත් යෝජනාවක්. මේ පාර එන එකා මොකෙක් උනත් මං කැමති වෙනවා.මට සමා වෙන්න. හැමදාම මං ආදරෙයි"

සිහිල් උනු කඳුලැල්ලකින් දෑස තෙමෙද්දී,මැසේජ් එක ඩිලිවර් විය.
"All the best"
මිනිත්තුවක් යාමටත් පෙර රිප්ලයි ආවේය.මට මං ගැනම ඇති උනු දුකකි මං ඔහුගේ නම්බරේ පවා මකා දැමුවෙමි.

පුතේ නැගිටින්න. අම්මා උදෙන්ම ඇහැරවන්නෙ ලෑස්ති කරවන්නය.මම මලාක් මෙන් නැගිට මූණ සෝදා එහෙන් මෙහෙන් සාරියක් පටලවා ගත්තෙමි.ඔහොම නෙමේ ලමයෝ. කෝ එන්න අන්දවන්න. අම්මා සාරිය ගලවා නැවත අන්දවයි. මට දැනෙන්නෙ, මං කීකරු කිසිම පනක් නැති,වයින් කරන ලද බෝනික්කෙකු මෙනි.
එක අතකට මං මොකද මේ හිගන්නියක් වගේ. කවුරු ආවත් පිලිවෙලකට ඉන්න ඕනි. අනික මේ මගේ අනාගත ස්වාමියා වෙන්නත් පුලුවන්. මන් පිලිවෙලක් වූයේමි.

"පුතේ අර මිනිස්සු ආවා. මේ බුලත් හෙප්පුව ගන්න. ආහ්!"
මං බිම බලාන ගැහෙන හදින් පා එසෙව්වෙමි. ඇත්තටම පිරිසක් ඉදිරියේ,ඔවුන්ගේ අවධානයට ලක් වෙන පරිදි ගමන් කර මට පුරුදු නැත.
බිම් බලානම මනමාලයා යැයි සිතීය හැකි නැගිටපු පුද්ගලයා අතට බුලත් හෙප්පුව දීමට සිතා සිහින් බැල්මක් ඔහු වෙත හෙලා නැවත බිම් බැලුවෙමි. එසනින්ම මගේ දෑස් මටත් පෙර ඔහු දෙස නැවත බැලුවෙ අදුරන රුවක් බැවිනි. ඔව් එ මගේ හදවතේ හැමදාම රැදුනු රුවයි.
"දෙ. . දෙවියනේ ප. . පව. . න්. . " මට කියවුනේ එපමණකි.මාතින් වැටෙන්න ගිය බුලත් හෙප්පුව ඔහු අල්ලා ගත්තේය. .

ඔබට පිදූ සෙනෙහස .......

          ඔබට පිදූ සෙනෙහස......


           පා කෙරුවා සුසුමක......


          තිබුනත් අහසක් උස.......


         පතුමන් සිත පතුලක.......


           නොදැනෙන  නොහැගෙන ලෙස...


           ඉන්නම්  හමදාකම.......




                                             

Monday 7 April 2014


ඒඇති මට මියෑදෙන්න .......


                                   

          මලානිකවු හිරු එලියත්....

වගෙයි මලානිකවු වතත්....

දුන්නු ඔබේ සිනහ පොදත් ...

වගෙයි මෙමට මහා මෙරක්.....


ඒත් කියන්නද කෙලෙසින්...

උන්නෙ ටික දොහයි සෙනෙහෙන්..
යන්න හදයි මිදී මගෙන්...

මා කල ඒ වරද කියන්..


මගේ දුකට ලගින්  උන්න...
සිනහ වෙන්න කියා දුන්න ...
නුඹගේ  දුක් ගිනි නිවන්න..

බැරිද කියන් ඉඩක් දෙන්න...


මාත් එක්ක හොදින්  ඉන්න...

ඒ ඇති මට හිනා වෙන්න...

ඉඩ දෙන්  මට සෙනෙහෙ  දෙන්න..

ඒ ඇති මට මියෑදෙන්න.............

රත්තරනෙ මම නුඹෙයි


රහසින්ම වෙන හිතක් හොරෙන් ඉඟි පානවා 
ඉවසාන මම තවම ඔබට පෙම් කරනවා 
කියාපන් ඒ හිතට මගේ හිත ඉකි ගසනවා 
නොලැබුනත් මට නුඹව සදා මම පෙම් කරනවා ...

වස්සානේ ලං වෙලා අහස කළු කරනවා 
වැස්ස නොව මගේ නෙත වහින්නට හදනවා 
මෙච්චරම දුන් පෙමට නොහැඟී සේ ඉන්නවා 
රත්තරනේ මම නුඹෙයි, නුඹත් එය දන්නවා ...

මගේ සෙනෙහේ ...



සංසාරයේ මගෙම වී ඉන්නැති එනිසාම දුටු දාම හිත යන්නැති දැන් හිතට නවතින්න දුක වෙන්නැති දුක කදුලු වී නෙතට එන්නට ඇති.... හැමදාම සිත් මලට දුක උරුමැති එනිසාම මිරිඟුවට හිත යන්නැති කම් නොමැත සැප කුමට ඔබ ලග නැති හැමදාම මේ සෙනෙහෙ පවතිනු ඇති. . . .