Saturday, 26 April 2014

"""""සැබෑ වූ සිහිනයක්!""""""


"මට බදින්න බෑ අම්මේ" ඒ මගෙ මුවින් නිතරම පිට වෙන මන්තරෙයි.
මට කොච්චර යෝජනා ආවත් මං කැමති වෙන්නෙ නෑ. කොච්චර ලස්සන උනත්,කොච්චර උගත් උනත්,කොච්චර පෝසත් උනත් මං කැමති වෙන්නෙ නෑ.මං ඒක මගේ උඩු හිතින් යටි හිතට ඔබා ගත්තෙමි.
"උඹ ඔහොම ඉදල අපි මැරිල ගියාම මොකද කරන්නෙ? මිනිහෙක් එපා උනාට දරුවෙක්වත් ඉන්න ඕනි." අම්ම නෝක්කාඩුවෙන් පවසයි.

මට කියා ගන්න බැරි දුකක් දැනෙන්නෙ ඔවුන් ගැන හිතන විටයි. ඒත් මං මට ආදරේ නොකරන, හුදෙක් මිතුරු කමටවත් මාව ඇසුරු කිරිමට අකමැති ඔහුට ආදරෙ කරමි. කොහොමද ඒ ගැන අම්මලාට පහදන්නෙ?

ඔහු ඇහුවත් නැතත් මම පුරුද්දක් වශයෙන් මගේ දින චර්‍යාවෙ වැදගත් සිද්දි ඔහුට පවසමි.මගේ කෙටි පනිවුඩ වලට ඔහුගෙන් රිප්ලයි නැත. මම බලාපොරොත්තුද නොවෙමි.

"පුතේ, ඔන්න තවත් යෝජනාවක් ආවා.. මේක අපි අදුරන කෙනෙක්ගෙන් නම් නෙමේ. කුරුණෑගල"
හ්ම්ම් ඒ මං ආදරේ කරන පැත්තකි. නම ඇහුනත් ඇති. ඉගිලෙන්න හිතෙනවා. ඇත්තට එයා කොහෙ ඇද්ද. . . මගේ හිත පාවෙලා හීන ලෝකෙකට යයි.

"ඇහුනද මං කියපු දේ?"
අම්මගෙ ගෝරනාඩුව.
"අහුනා අම්මෙ. ඕකටත් ඉතින් කලින් එව්වට දීපු ප්‍රතිචාරෙ තමා" මං කට කොනකින් හිනා වී පැවසුවෙමි.
අම්මා ගස්සාගෙන එලියට ගියාය.

"දුප්පත් උනත්, ඔයාට ආදරෙ කෙනෙක් හොයා ගන්න.ආදරේ නැත්නම් ජීවිතේම විඳවන්න වෙනවා.ඔයාව ජීවත් කරන්න පුලුවන් රස්සවකුයි,දෙයියනේ කියල ඉන්න පුලුවන් ගේකුයි, තිබ්බොත් ඇති"
ඒ මම කසාද බදින්න ඕනි කියන වයසට අඩිය තියපු දා ඉදන් අම්ම කියන කතාවයි.
ඇත්ත. මට ගොඩාක් යෝජනා ආවා. හැම දේම තිබ්බ එයාල ලග. ඒත් අම්ම කිව් පලවෙනි කාරනය හැර.
අවුරුදු ගානක් ඒක පාර්ෂවීයව ආදරෙ කල පවන් ලග නැති ආදරයක්, දවසකින් දෙක්කින් දකින මනුස්සයෙක් ලග කොහෙද? මම හෙමින් කදුලක් පිස දා ගත්තෙමි.
ඒත් මං අම්මලා නිසා ජීවිතේට මූණ දෙනවා. මේ පාර මොකෙක් ආවත් හිත නැති කය ඔහුට දෙනව. . .දීර්ඝ හුස්මක් අරන් නෙතු පියා ගතිමි.
"පුතේ අර මිනිස්සු හෙට එනවා. මේකටවත් කැමති වෙන්න. අම්ම බායාදු ලෙස පවසයි" පපුව හෝස් ගා දාල යනවා. "බලමුකො අම්මේ මං මේ පාර අම්මල කැමති දෙයක් කරන්නම්"
පාන්දරම අම්මගෙ හිත රිද්වන්න බැරි කමින් එලෙස කියා මා කාමරයට වැදුනෙම.
අන්තිම වතාවට මං පවන්ට මැසේජ් එකක් දානවා. වෙවුලන දෑතින් සටහන් කලෙමි.
"පවන්, ඔයා හොදින්ද?මට සමා වෙන්න. මේ ජීවන මං තලේ ඔයා වෙනුවෙන් මං ඉන්නවා කියල පොරොන්දු උනත්. මට ඒක මගේ අසරණ අම්මයි තාත්තයි වෙනුවෙන් කරන්න බෑ පවන්. ඒ ගොල්ලො මං නිසා දුක් විඳිනවා. මට තවත් යෝජනාවක්. මේ පාර එන එකා මොකෙක් උනත් මං කැමති වෙනවා.මට සමා වෙන්න. හැමදාම මං ආදරෙයි"

සිහිල් උනු කඳුලැල්ලකින් දෑස තෙමෙද්දී,මැසේජ් එක ඩිලිවර් විය.
"All the best"
මිනිත්තුවක් යාමටත් පෙර රිප්ලයි ආවේය.මට මං ගැනම ඇති උනු දුකකි මං ඔහුගේ නම්බරේ පවා මකා දැමුවෙමි.

පුතේ නැගිටින්න. අම්මා උදෙන්ම ඇහැරවන්නෙ ලෑස්ති කරවන්නය.මම මලාක් මෙන් නැගිට මූණ සෝදා එහෙන් මෙහෙන් සාරියක් පටලවා ගත්තෙමි.ඔහොම නෙමේ ලමයෝ. කෝ එන්න අන්දවන්න. අම්මා සාරිය ගලවා නැවත අන්දවයි. මට දැනෙන්නෙ, මං කීකරු කිසිම පනක් නැති,වයින් කරන ලද බෝනික්කෙකු මෙනි.
එක අතකට මං මොකද මේ හිගන්නියක් වගේ. කවුරු ආවත් පිලිවෙලකට ඉන්න ඕනි. අනික මේ මගේ අනාගත ස්වාමියා වෙන්නත් පුලුවන්. මන් පිලිවෙලක් වූයේමි.

"පුතේ අර මිනිස්සු ආවා. මේ බුලත් හෙප්පුව ගන්න. ආහ්!"
මං බිම බලාන ගැහෙන හදින් පා එසෙව්වෙමි. ඇත්තටම පිරිසක් ඉදිරියේ,ඔවුන්ගේ අවධානයට ලක් වෙන පරිදි ගමන් කර මට පුරුදු නැත.
බිම් බලානම මනමාලයා යැයි සිතීය හැකි නැගිටපු පුද්ගලයා අතට බුලත් හෙප්පුව දීමට සිතා සිහින් බැල්මක් ඔහු වෙත හෙලා නැවත බිම් බැලුවෙමි. එසනින්ම මගේ දෑස් මටත් පෙර ඔහු දෙස නැවත බැලුවෙ අදුරන රුවක් බැවිනි. ඔව් එ මගේ හදවතේ හැමදාම රැදුනු රුවයි.
"දෙ. . දෙවියනේ ප. . පව. . න්. . " මට කියවුනේ එපමණකි.මාතින් වැටෙන්න ගිය බුලත් හෙප්පුව ඔහු අල්ලා ගත්තේය. .

5 comments:

  1. කනගාටුයි කියවන්න බෑ. වර්ණය අහිතකරයි ඇසට...

    ReplyDelete
  2. අපහසුයි තමා කියවන්න ඒත් අමාරුවෙන් කියෙව්ව...
    අපූරුවට කතාව ගලපල තියෙනව...
    අකුරු වල වර්ණය වෙනස් කරන්න පුලුවං නං

    ReplyDelete
  3. sthuthi adahas walata. dan harida

    ReplyDelete
  4. මගේ හීනයක් උඹේ කතාවක!! මේක දැක්කම නං ෆට්ට සතුටුයි අක්කේ!! මම දැකපු හීන වලින් අාසම හීනේ මේක!! අක්කා ඒක ලස්සනට අකුරු කරලා!!

    ReplyDelete
  5. කතාවක් විතරක් නොවී ඇත්තක් වුනා නම් ජිවිතේ මොනතරම් සුන්දරද? දන්නේ නැහැ දෛවය කොහොම ලියවිලාද කියල

    ReplyDelete