Friday 16 May 2014

බුදු සමිඳුනේ!


යොමා බුදු නෙත 
දෙසූ දම් රැස 
අදත් සවනත
වැකේනම්....
 
අපිත් අද නැත
නිවන් දැක ඇත 
අසරණයි  හිමියණි 
උතුම්.....
 
දෑත් එක්කොට
තබා නලලත
පසඟ පිහිටා 
වඳින්නම්....
 
සසර මතුවට
යන්ට නිවනට 
ඔබේ දම් මග
සපැමිනෙන්නම්......

4 comments:

  1. අපිත් අද නැත
    නිවන් දැක ඇත
    අසරණයි හිමියණි
    උතුම්.....////
    අපරා ෙද ෙම්ක නාන සාර සාදුට ෙපන්නන්න තිබ්බ නං...

    පට්ට.. වදින්න ඕන තැං වලට අඩුවක් නැතිවම වදී...
    ජයවේවා

    ReplyDelete
  2. සුපිරිම කාව්‍යයක් නිශා......

    ReplyDelete